රැවටීමද ආදරේ | කෙටි කතාව...

රැවටීමද ආදරේ | කෙටි කතාවකි.


සත්‍ය කතාවක් ඇසුරින් ලියන ලද්දකි. නම් ගම් මනඃකල්පිතය..
{කතාව ටිකක් දිගයි.. ඒත් කියවලා බලන්න.. පේන් නැති අය කියන්න..}
•••(වර්තමානේ )•••
අද මං මගේ කතාව ඔයාලට කියන්න තීරණය කළේ මගේ හිතේ අද ඇතිවෙලා තියෙන වේදනාව තව දවසක වෙන කෙල්ලගේ හිතේ ඇතිවෙන්න ඕන නැති නිසයි. ආදරේදී මට ලැබුණු මේ දුක වෙන කාටත් ලැබෙන්න ඕනි නෑ කියලා මං හිතනවා. මේ කතාවෙන් ගන්න පුලුවන් ආදර්ශයක් අරන් දවසක් හරි කෙනෙක් හැදෙනවානම් මට ඒ ඇති..
………………………..
💔(අතීතේ…)💔
“මං ගිහින් එන්නම් අම්මා.”
“පරිස්සමින් මගේ පුතේ, මං මේ උඹව තනියම යවන්නේ හිතකින් නෙවෙයි. පරිස්සමින් හොදට පාඩම් වැඩ ටික කරලා නේ අම්මගේ හීනේ හැබෑ කරපං මගේ දුවේ”
“මං දන්නවා අම්මා. මට අම්මව් ගොඩාක් වටිනවා, මං o/l වගේම a/l ලුත් පාස් වෙනවා අම්මා.. මං එහෙන්ම් ගිහින් එන්නම්..”
“බුදු සරණයි මගේ දුවේ ”
………………………………….
••• (වර්තමානේ..)•••
මම නෙතුෂි මදාරා. මම නුවර. මගේ පවුලේ ඉනේ මායි අක්කයි අයියයි අම්මයි විතරයි. අප්පච්චී මට අවුරුදු 14දිම හදවතේ ප්‍රශ්නයක් නිසා නැති වුනා. මගේ අක්කා මට වඩා අවුරුදු 16ක් වැඩිමල්. අයියා අවුරුදු 14කින් වැඩිමල්. මං පොඩි කාලේ ඉදන් හිටියේ තනියම. මට මගේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කලේ මගේ අප්පච්චී..
මං හැමදාම වගේ හොදට ඉගෙන ගත්තා. මට කවදාවත් බෝයි කෙනෙක් ඉදලා නෑ. කොල්ලෝ කොච්චර මගේ පස්සෙන් ආවත් මං ගනන් ගත්තේ නෑ. මොකද ඒ හැම වෙලේම මට මතක් වුනේ අම්මව අම්මගේ ආදරේ.. මං මගේ නම ලස්සනට හදා ගත්තා. හොදට ඉගෙන ගත්තා.. මං ඒලෙවල් වලට තොරගත්තෙත් බයෝ.. ඒ මගේ අම්මගේ හීනේ නිසා.
………………………..
💔 (අතීතේ)💔
“අන්න නෙතූ තනියම..😮”
“ඒකනේ බං පුදුමයි, ඒත් ඇත්තයි.😱 ”
මොකද අර කට්ටිය මං දිහා හොල්මනක් දැකලා වගේ බලන්නේ. මටත් ඉන්නේ මරු යාලුවෝ තමා. 😏😏
“මොකද මං දිහා ඔහොම බලන්නේ.. 😏”
“ඇයි හාන්නේ, පුදුමයි බං පුදුමයි.. 😲
“මොකක්ද මගේ පුදුමේ..😌”
“කෙල්ල දියුණු වෙලා වගේ, අද කවදත් නැතුව තනියම.. 😎”
“හී හී.. අපි එහෙම තමා, මං දැන් ලොකු ලමයෙක්නේ.☺️☺️ ඒකයි.. හරි හරි යං ක්ලාස්.”
……………………………
••• (වර්තමානේ )•••
මං a/l කරන්න ආවම තමා මුලින්ම තනියම ක්ලාස් ආවේ. මට පිරිමි යාලුවොත් හිටියා.. බස් එකේ යද්දි එද්දි ක්ලාස් එකේදි අපි හුගක් සතුටින් හිටියා. ඔය කාලෙදි තමයි මට සංජනව හම්බවෙන්නේ. ඒ මගේ යාලුවෙක්ගේ යාලුවෙක් විදියට.. ඔව් මට එයා මුලිනම මැසේජ් කරේ එෆ් බී.
……………………
💔 (අතීතේ..) 💔
“Hi..”
“Hii. Kawda mee.”
“Mawa danne nadda..”
“Nanee kauda oya.”
“Oya nethushi neda ”
‘මගේ නමත් දන්නවනේ මෙයා. හොද වෙලාවට මං ෆේක් අකවුන්ට් එකකින් ඉන්නේ. දැන් දැන ගන්න පුළුවන් මෙයා මං,ගැන මොනාද හිතන්නේ කියලා..”
“Na mn nethushi newei. Eyage yaluwek. Nethushi fb naa. Eya clz awama fb yanneth magee acc eken. ”
“Oh ehemada sry..”
“Its ok.. so oya nethushi ge kauda..”
“A mn eyage kauruth neweii. Man eyawa dannawa ekai.”
“Hm. Eyaa gana monada danne.”
“Godak dewl.. eya godak hoda, awanka, niwichcha gathi thiyena lassana lamayek..”
‘ ඈ.. මං ගාව එච්චර ගතිගුණ තියෙනවද? 😎 එයා කියනවනම් ඇති නේ😁😁.. මොකද කරන්නේ මං කියලා කියනවද එයාට.. එක්කෝ කියලා දාමු. පව්නේ ☺️☺️‘
“Im sry sanjana, Mn nethushi thamaii.”
“Mn dannawa mattiyee. Oya kohoma magen hangennada.”
…………………………
••• (වර්තමානේ ) •••
එදායින් පටන් ගත්ත අපේ යාලුකම ලස්සනට ගෙවිලා ගියා. අපි මාස ගානක් කතා කලත් එයාව මං දැකලා තිබ්බේ ෆොටෝ එකකින් විතරයි. එයා එච්චර ලස්සන නෑ. අම්මා රස්සාවක් කලේ නෑ. තාත්තා පිත්තල වැඩ කලේ. මගේ අම්මා ටීචර් කෙනෙක්. තාත්තා ප්‍රින්සිපල් කෙනෙක්. පවුලවත් රූපෙවත් ගැලපුන් නැතත් එයාගේ අහිංසක කමට ගතිගුණ වලට මගේ හිතේ ආදරයක් ඇති වුනා. ඒත් එයාට එ දේ කියන්න මං ගොඩාක් බය වුනා. දවසක් එයාගේ ස්කූල් එකේ එක්ස්ෂිබිශන් එකක් තිබිලා අපි යාලුවෝ ටික ගියා..
……………………………….
💔 (අතීතේ.) 💔
“නෙතූ උඹ කාවද හොයන්නේ..”😐
“මේ මං කාවවත් නෑ අනේ.. අපි යන්ද අර ශිෂ්‍ය බට කදවුරේ ඒවා බලන්න..” ☺️☺️
“ආ ආ.. මොකද හදිස්සි 😐”
“එහෙම නෑ එන්න යන්කෝ..😊”
‘කෝ සංජන ඔයා නෑනේ. කොහෙද ඉන්නේ.. මගේ ඇස් ඉස්සරහට එන්නකෝ.. 😢 ‘
“මාවද හෙව්වේ”
“ආ නෑ නෑ..”
“බොරු එපා නංගී.. අපි දන්නවා ඔය ඇස් දගලන්නේ කාගේ රූපෙටද කියලා නැද්ද සංජන”
‘මෙයා යාලුවන්නත් මං ගැන කියලනේ.. ඉන්නවකෝ අල්ලගන්නම් මං 😬😬‘
…………………………………
“Ai mn gana eyalata kiuwe. Api athara ehem mukuth nanee😠😠”
“Sry ithin.. tharahaa ganna epa ochchar 😟”
“Tharaha yanawa mata. Modayaa. 😡
……………………………
••• (වර්තමානේ ) •••
මං එදා එයා එක්ක බොරුවට රණ්ඩු කලත් හිතේ චූටි සතුටකුත් තිබ්බා.. ටික කාලෙකින් එයාගේ බර්ත්ඩේ එක ආවා. එදා එයා මාව හම්බවෙන්න ඇවිත් චොකලට් එකකුත් දීලා ගියා. ඊට දවස් හයකට පස්සේ මං එයාට කැමැත්ත දුන්නා.. හරියටම 2016. 03. 19..
……………………………
💔 (අතීතේ) 💔
“Sanjana oya mata me thiraneta pasuthawenna denne na neda ”
“Pissuda nethu. Man oyaawa godak adaren balagannawaa. Kawadawath dukak denneth naa, kawadawath oyawa riddan naa.”
“Mn oyawa godak wishwasa karanawa sanjana.”
“Mn e wishwase kawadawath kadan naa ”
“Thawa deyak mata kiyanna thiyenawa.. mata oyawa mt wennawath awidinna yanna ennawath bari wei. Mokada magee ammata dukak denna baa.”
“Ehema oni na mata. api hitiya wagema imu. Exam ek iwara wela campus giyapu gamn mn gedarin awith ahannm ”
‘ඔයා කොච්චර හොදද.. මං ඔයාට ගොඩාක් ආදරෙයි. මාව ඔයා හැමදාමත් සතුටින්ම තියයි. ඔව් මට ඒක විශ්වාසයි’
……………………………….
•••(වර්තමානේ )•••
දවසින් දවස අපි ගොඩාක් ළං වුනා. ගොඩාක් ආදරේ කලා. මගේ හොදම යාලුවත් මගේ අප්පච්චීත් වුනේ එයා. හැමදාම ක්ලාස් ඇරිලා මාව බස් එකට දාලා බස් එක යනකල් ඉදලා තමා එයා යන්නේ. මගේ අතින් පවා ඇල්ලුවෙත් යාලු වෙලා මාස හයකටත් පස්සේ..
………………………….
💔 (අතීතේ..)💔
“කාගේ නෝට්ද බං ඔය හති දාගෙන ලියනේ 😮”
“සංජනගේ ☺️”
“අනේ ඇත්තමයි නෙතූ. උඹට පිස්සුද?😠 ”
“ඇයි එහෙම කියන්නේ 😐”
“ඇයි අහන්නෙ උඹ ඕක ඇත්තටමද කරන්නේ. 😒”
“නැතුව.. 😏”
“යකෝ මෝඩ වෙන්න එපා. බලපං,උගේ කැත. 😠”
“මං ආදරේ කරන්නේ කැත ලස්සනට නෙවෙයි. එයගේ අවංක කමට.. 😟”
“අනේ බං,මේ. මේකි හැදෙන් නෑ.. අපි යං යන්න.. 😬”
…………………………..
•••(වර්තමානේ)•••
එයා සති ගනන් මැසේජ් නොකර ශිෂ්‍ය බට කෑම්ප් යද්දි එයාගේ නෝට් පවා මං ලියලා දුන්නේ මගේ හිතේ එයාට තියෙන ආදරේ නිසයි. කවුරු මොනා එයාට කිව්වත්, එයාව මට ගැලපෙන්නේ නෑ කිව්වත් මං එක හිතින්ම එයත් එක්ක හිටියා..
ඒත් කාලය වෙනස් වුනා. මං අසනීප වුනා. ඩොක්ටර්ස්ලා කිව්වේ මට කිසිම දුකක් දෙන්නෙ නැතුව බලා ගන්න කියලා. මාව පරිස්සම් කරන්න කිව්වා. මුලදි එයා මං අසනීප වෙන හැම වෙලාවකම මැසේජ් කෝල් කර කර මං ළඟ හිටියත් පස්සේ ගොඩාක් නපුරු වුනා.. එයා වෙනස් වුනා. ඒත් ආයෙත් මාත් එක්ක කොහොම හරි යාලු වුනා. මොනා හරි දීලා කොහොම හරි මාව යාලූ කර ගත්තා. හැමදාම අපි බයෝ ක්ලාස් ගියේ එකට.. එයා දීපු හැම දෙයක්ම මං හරි ලස්සනට එකතු කලා. ඒවා කවදාහරි වටින දේවල් වෙයි කියලා මං හිතුවා. හැමදාම ක්ලාස් යද්දි අපි උදේ මීට් වුනා. ඒ විනාඩි පහලවකට විතරයි.. එදා දවසක් එයා මට පළවෙනි හාදුව දුන්නා. ඒ දේ මගේ ජීවිතේ ගොඩාක් වටින දෙයක් වුනා. මං කවදාවත් එහෙම කා එක්කවත් ළගින් ඉදලා නෑ. එයා මාව ගොඩාක් පරිස්සම් කලා.. ඔහොම ලස්සනට අපේ ආදරේ ගෙවුනා. අවුරුදු එකහාමාරක් ගියා..
……………………………..
💔 (අතීතේ ) 💔
“කව්ද මේ පුතා. ”
“ආ අම්මාි මේ මගේ යාලුවෙක්, නෝට් වගයක් ලියා ගන්න ආවේ..”
“ආ එහෙමද එහෙනම් දවල්ට කාලා යන්නම ඉන්නකෝ පුතේ.”
“අනේ ඕනි නෑ අම්මා. මං ඉක්මනට යන්නත් ඕනි.”
“නෑ නෑ ඉන්නකෝ. අපේ පුතා ඔයාව ඇරලවයි.”
“ඔව් නංගි මං මෙයාව ගිහින් දාන්නම්. ”
“ආ හරි අයියා ”
“ඉතින් සංජන, අපේ ගෙදර අය හොදද..”
“නැතුව ඔයා වගේම හොදයි.”
…………………………………….
••• ( වර්තමානේ) •••
එදා එයා අපේ ගෙදරින් කාලා අම්මලා එක්කත් හොදට කතා කරලා යන්න ගියාට පස්සේ මට අම්මගේ මූණ බලන්නවත් හිතුන් නෑ. මගේ හිත මට කිව්වෙම අම්මට ඇත්ත කියන්න කියලා. පස්සේ මං කිව්වා.
…………………….
💔(අතීතේ )💔
“අම්මා..”
“ම්ම් ”
“අර ආව කෙනා ගැන මගේ හිතේ තියෙනවා අම්මා.”
“ආ.. හ්ම්ම් මට තේරුනා ටිකක්..”
“අනේ අම්මා. මං වැරදි මුකුත් කලේ නෑ අම්මා. එයා හරි හොදයි..”
“හ්ම්ම්. මුණෙන් නම් අහිංසක පෙනුමයි. ඒත් ඇතුලින් කොහොමද කියලා කාටවත් කියන්න බෑ පුතේ.. කෝකටත් පරිස්සමින්..”
“හා අම්මා.. මං පරිස්සම් වෙන්නම්. මං අම්මගේ හිත කවදාවත් පාරන් නෑ..”
………………………………
•••( වර්තමානේ )•••
එදා අම්මා එහෙම කිව්වත් මං ඒක එච්චර හිතුවේ නැත්තේ එයාව මට ගොඩාක් වටින නිසා.. කාලය ගෙවුනා. එයාට ශිෂ්‍ය බට කෑම්ප් එකෙන් බංගලදේශ් යන්න අවස්ථාවක් ආවා.. එයා ශිෂ්‍ය බට යනවට මං කැමතිම වුනේ නෑ. ඒත් එයා ඒකට ගොඩාක් ආසයිනේ. මං අකමැත්තෙන් හරි එයාට යන්න ඉඩ දුන්නේ එයාව මං විශ්වාස කරපු නිසා. එයා මාසෙකට විතර යන නිසා මං හිටියේ ගොඩාක් දුකින්. එතකොට එයා මට කිව්වේ එයාගේ හිත මං ළඟ තියලා යන නිසා බය නැතුව පරිස්සමින් ඉන්න කියලා.. ටුවර් එක යන්න ළං වුනා. බෝයිස්ලා පහයි, ගර්ල්ස්ලා පහයි. එයාල යන්න කලින් හැමදාම ප්‍රැක්ටිස් තිබ්බා. ඔය කාලෙදි මටත් ගොඩාක් අසනීප වුනා..
…………………………….
💔(අතීතේ )💔
“Mata sanipa naa. Man laga innakoo ”
“Mn busy dn. Passe mg karannm”
“Ane tika welawak hari innakoo”
“Thamuse kiyanne hama welema thamuse ekka inna kiyalada yako mata wada thiyenawa”
“Sanjana, ai oya mata mehema karannee deiyane mata duk wenna hoda naa.”
………………………
•••(වර්තමානේ )•••
රිදුනා.. එදා මට ගොඩාක් එයාගේ වචන රිදුනා. මං ගොඩාක් ඇඩුවා. එයා සතියක් විතර තරහා වෙලා හිටියා. පස්සේ ආයේ එයා මගෙන් සමාව අරන් මාව යාලු කර ගත්තා. මාත් එයාට සමාවදුන්නා. එයා එදා මට කිව්වා මං හෙට යනවා බංගලදේශ් ගියාට පස්සේ මට කෝල් කරන්නම් කියලා. ඒත් එයා ගත්තේ නෑ. මාත් ගොඩාක් බය වෙලා හිටියේ. මං කේන්තියටම බැනලා මැසේජ් දැම්මා.
……………………….
💔 (අතීතේ )
“Ai ohoma karannee sanjana. Oyata mawa watin nAdda. Oya giyada kiyalawath mn danna…”
“Ai ochchar napuru oyaa. Ohe inna aya nisa mawa dn mathaka na neda..”
‘අනේ සංජන ඇයි මට මෙහෙම කරන්නෙ ඔයා හොදටම දන්නවා නේද මට ස්ට්‍රෙස් වෙන්න හොද නෑ කියලා. ඉන්න තැනකින් මැසේජ් එකක් දාන්නකෝ..’
…………………………
•••(වර්තමානේ )•••
එදා මං කොච්චර නම් හිතින් වද වෙන්න ඇත්ද.. ඒත් එයාට මං ගැන ගානක්වත් තිබ්බේ නෑ. අන්තිම එයා මට කිව්වේ එක දෙයයි.
…………………….
💔 (අතීතේ ) 
“Thamuseta pissuda yakoo. Mn awe wadakata.”
“Oya ai ohoma mata katha karanne. Mn bayatane oyata bannee.”
………………………………….
••• (වර්තමානේ ) •••
එදා මං එයාට එච්චර කෑ ගැහුවේ එයා හොදින් ගියාද කියලා දැන ගන්න කියන එක එයාට තේරුනේ නෑ. ඒ ට්‍රිප් එක ගිහින් එනකල්ම එයා මාත් එක්ක කතා කලේ නෑ. ඒත් මාව ගොඩාක් රිද්දුවා. මගේ අතින් ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ගේ අතින් අල්ලන් නෑ කිව්ව එයා ඒ ට්‍රිප් එක් ගිහින් කෙල්ලොන්ව වඩාගෙන ඉන්න ෆොටෝ මට එවලා තිබ්බා. ඒවා දැක්කම මගේ මුළු ආත්මෙම කඩන් වැටුනා.. ට්‍රිප් එක ගිහින් ආවම ආයෙත් මාව යාලූ කර ගත්තා. මගේ යාලුවෝ කොච්චර කිව්වත් සමාවදෙන්න එපා කියලා, ඒත් මං එයාට සමාව දුන්නා. ඒ එයාව මට ඕනි නිසා. මට වටින නිසා.
…………………………….
💔 (අතීතේ ) 
“එයා නෙතූ තවත් මෝඩ වෙන්න, ඌ උඹව රවට්ටනවා.”
“ඔව් බං අපි කියන එක අහලා ඌව අත් ඇරපං.”
“නෑ මං එයාට තව අවස්ථාවක් දීලා බලනවා. එයා හැදෙයි.. ආයේ මාව රිද්දන් නෑ කිව්වා මං ළගින්ම ඉන්නවා කිව්වා.”
“අනේ මංදා නෙතූ. උඹ ආදරෙන් අන්ධ වෙලා ඉන්නේ.”
…………………………
••• (වර්තමානයේ )•••
එදත් ඔයාව විශ්වාස කරලා මං,සමාව දුන්නා. දවසක් අපි KFC ගියා. එදා මට එයාගේ ෆෝන් එක බැලුනා. මං එයාගේ එෆ්බී එකට ගිහින් බල බල ඉද්දි මට ඒකේ මැසේජ් බැලුනා. එදා මට දැනුනේ ලෝකෙම මගේ වටේ කැරකෙනවා කියලා. එයා කෙල්ලෝ ගොඩ දෙනෙක්ට මැසේජ් කරලා තිබ්බා. සමහර අයට ආදරේ කියලත් තිබ්බා. මට හොදටම කේන්තී ගියා. ඉන්නේ කොහෙද කියලවත් මට මතක් වුනේ නෑ. මං ඇඩුවා.. එයාට හොදටම බැන්නා.
……………………………..
💔(අතීතේ )
“කව්ද මෙයාලා ආ..”
“අයියෝ ඔය ජෝක් එකට කලේ..”
“ජෝක් එකක්.. ඔයාට මෙහෙම ජෝක් කරද්දි මතක් වුනේ නැද්ද ඔයාට පණටත් වඩා ආදරේ කරන කෙනෙක් ඉන්නවා කියලා. හිතුන් නැද්ද ආ..”
“අනේ එක සැරයක් කිව්වනේ විහිලුවට කියලා ”
“විහිලුද.. හරි ඉන්නකෝ මං මේක පොලේ ගහනවා.”
“ඔයාට ඒක කරන්න බෑ..”
“බෑ එහෙනම් බලා ගන්නවා…”
…………………………………
•••(වර්තමානේ )•••
එදා මට ආව කේන්තියට මං එයාගේ ඇපල් ෆෝන් එක පොලේ ගහලා කුඩු කලා. පස්සේ දවස් දෙකක් විතර කතා නොකර හිටියා.. ආයෙත් මං සමාවදුන්නා. මට ඕන කලේ කොහොම හරි එයාව හදා ගන්න. එදායින් පස්සේ මං වැඩි හරියක් එෆ්බී ගියේ එයාගේ අකවුන්ට් එකෙන්. එකේ තිබ්බා බංගලදේශ් ගෲප් එකක්. මං ඒකෙන් මැසේජ් කලා.
…………………………………..
💔(අතීතේ )
“Sanjanage 4n eka kadila. Eya fb enne naa”
“Ehenm oya kawda. Me sanjange acc ekane”
“Man eyage gf”
“Gf.. kawru unath wadak naa. Sanjana nathnam oya mokatada eyage acc eken enne”
“Eya mage bf. Ithin mn eyage acc eken awama mokada wenne.”
“Aa gf kiyala oluwen neda innee. Innawa api oyage kate sadde adu karanna. Sanjanage lassana photo ekak ewannada”
“Me mata mage bf wishwasaii.. paduwe innawada oya. ”
………………………………..
•••(වර්තමානේ )•••
එදා එයාලා මට සංජනට තුරුළු වෙලා ඉන්න කෙල්ලෙක්ගේ ෆොටෝ එක්ක් එව්වා. ඔව් ඇත්තටම මගේ කට වැහුනා. ඒත් මං එයාලට මං දන්න නරක වචන සේරම කියලා බැන්නා. ඒ මගේ හිතේ දුකට.. පස්සේ මං ඒක ගැන එයාගෙන් අහද්දි එයා කිව්වේ ඒ ෆොටෝ එකක් විතරයි. එහෙම කිසි දෙයක් නෑ කියලා.. මාත් ඇස් දෙකෙන් දැක්ක දේ විශ්වාස කලාට මගේ හිත කිව්වෙම එයා එහෙම කෙනෙක් නෙවෙයි කියලා. තව දවසක ඒ ෆොටෝ එක මගේ යාලුවෙක් දැකලා තිබ්බා එයා මට හොඳටම බැන්නා..
………………………………..
(අතීතේ )
“නෙතූ දැන්වත් අහපං අපි කියන දේ.. ඌ උඹව රවට්ටනවා. යකෝ තොට මොලයක් නැද්ද..”
“මට මොනාද දෙයියනේ කරන්න කියන්නේ.”
“ඌව අත් ඇරපං. ඌ බොරු කරන්නේ. එයා කියන කියන හැම එකම උඹ විශ්වාස කරන්න යන්න එපා බං”
……………………………….
•••(වර්තමානේ )•••
මට මොනා කරන්නද කියලා හිතා ගන්න බැරුව අඩ අඩ ඉද්දි අම්මටත් ඇහුනා. පස්සේ මගේ අම්මටත් මට ඒ සිද්දිය කියන්න වුනා.. ඊට පස්සෙයි මං හිතුවේ එයාගේ අම්මට මේ දේවල් කියන්න.. දවසක් එයාගේ අම්මා ආවා මාව හම්බවෙන්න.
………………………………
💔(අතීතේ)
“අනේ අම්මේ ඇයි අයියා මට මෙච්චර නපුරු වෙන්නේ. මං මොන වැරැද්දක් කලාටද.?”
“ඒක මං දන්නෑ පුතේ..”
“එයා මට බොරු කියනවා. මේ ෆොටෝ එක මොකක්ද අම්මේ..”
“ඕක බොරුවක් කියන්නේ, බස් එකේ යද්දී මෙයා නිදාගෙනලු ගියේ. නින්ද ගිහින් එයාගේ පපුවට වැටෙන කොට එයාගේ යාලුවෙක්ලු ගත්තේ. පුතේ ඔයා තාම ඉගෙන ගන්නවනේ. මේවා වැඩිය හිතන් නැතුව පාඩම් වැඩ ටික කර ගන්න.”
“හ්ම්ම්. හා අම්මේ.”
“දුව ආපහු ලෙඩ වෙයි. මං පුතාට කියන්නම්කෝ.”
…………………………….
•••(වර්තමානේ )•••
එයාගේ අම්මා හරි හොදයි.. මට ගොඩාක් උපදෙස් දීලා මාව බස් එකටත් දාලා තමයි ගියේ.. ආයෙත් මගේ යාලුවෝ එපා කියද්දිත් මං එයාට සමාව දුන්නා. ඒ එයාව හදා ගන්න. මගේ මුළු ලෝකෙම වුනේ එයා.. ඔහොම කාලයක් ගියා.. එයා එන්න එන්නම නපුරු වුනා. මට බනිද්දි ලෝකේ තියෙන සේරම නරක වචන කියනවා. පස්සේ කියනවා කේන්තියට කියන ඒවා ගනන් ගන්න එපා කියලා.. බැරිම තැන තමයි මං එයාට කිව්වේ මට මෙහෙම කරන්න එප කියලා
……………………………..
(අතීතේ )
“Ane mata mehema karanna epaa. Mata innee oya witharanee. Mata napuru wenna epa deiyanee ”
“Hari hari dn eka parak samawa gaththane.”
……………………………..
•••(වර්තමානේ )•••
ඒත් නෑ එයා එන්න එන්නම නපුරු වුනා. මට බැන්නා ගැහුවා.. ලෝකේ තියෙන නරක වචන සේරම කියලා මාව රිද්දුවා. මට ඇත්තටම ඉවසලා ඉවසලා එපා වෙලා හිටියේ. මං කොච්චර මග අරින්න හැදුවත් එයා මාව හොයන් ඇවිත් හරි මට කරදර කරනවා..
………………………..
💔(අතීතේ )💔
“අනේ ඇයි මෙහෙම කරන්නේ. මාව එපාද.”
“එපා උඹ වගේ ගෑනියෙක් මට එපා.”
“ඇයි දෙයියනේ ඔහොම කරන්නේ.. මට දුක් වෙන්න හොද නෑ මං මැරෙයි.”
“ඉතින් මැරියං..”
“අනේ ප්ලීස්.. දැන්වත් ඇති ඕක නවත්තන්න. ඔහොම හැසිරෙන්න එපා”
“උඹ මුලින්ම හැදියන් පස්සේ මං,නවත්තන්නම්.”
…………………………….
•••(වර්තමානේ )•••
මං හැදෙන්න මං නරක කෙල්ලෙක් නෙවෙයි. මගේ අතින් පොඩි වැරැද්දක් වුනත් එයාට සොරි කියලත් මදි. එන්න එන්නම එයා අමනුෂ්‍යයෙක් වුනා.. දවසක් මං යන බස් එකට ඇවිත් මං ළගින් වාඩි වෙලා කිසිම හේතුවක් නැතුවම මගේ අතේ හම ගැලවෙන්නම කිනිත්තුවා.. මට හොදටම රිදුනා. මං ඇඩුවා. ඔහොම කරන්න එපා කියලා බැගෑපත් වුනා. ඒත් එයා ඇහුවේ නෑ..
…………………………..
💔(අතීතේ )💔
“ප්ලීස් මේක ඇති දැන්. මට තවත් මෙහෙම ඉන්න බෑ. මං ඔයාට ආදරෙයි. ඒත් මෙහෙම විදවන්න බෑ. මං මේ සම්බන්දේ මෙතනින් නවත්තනවා. මට ඔයාව එපා.. ”
……………………………….
•••(වර්තමානේ )•••
ගොඩාක් එයා වැරදි කලා. ඒ හැම දෙයක්ම මං ඉවසලා එයාට සමාව දුන්නා. ඒත් එයා හැදුන් නෑ. බැරිම තැන මං අවුරුදු දෙකක සම්බන්දේ නැවැත්තුවා. ගෙදර ඇවිත් අම්මට කියලා හොදටම ඇඩුවා. අම්මටත් දුකයි.. එයා මට බැන්නා, එපා කියද්දි ඇයි විශ්වාස කලේ කියලා..
අද හෙට නෙවෙයි හැමදාමත් මං එයාට ආදරෙයි. කවදාහරි එයාට තේරෙයි මේවා. එදාට එයා පසුතැවෙයි. මං පුළුවන් තරම් උත්සහ කලා එයාව හදාගන්න. ඒත් මට බැරි වුනා. මං එයාගෙන් මගේ අප්පච්චිගේ ආදරේ හෙව්වා. ඒත් ලැබුනේ කදුළු විතරයි. අප්පච්චී නැති වුනාම ඇඩුවට වඩා මං එයා නිසා ඇඩුවා.. මට ඕනම වෙලාවේ එයා වෙනස් වුනා. තාමත් මේ පපුව ගැහෙන්නේ එයා වෙනුවෙන්. ඒත් මාත් මනුස්සයෙක්. ගුටි කකා බැනුම් අහා අහා මට ජීවත් වෙන්න පුළුවන්ද..???
එයාගේ හැම ලේ බිංදුවකම ඉන්නේ මං විතරයි කිව්වා,මං නැතුව එයාට මොහොතකටවත් ජීවත් වෙන්න බෑ කිව්වා,ඒ හැමදේම බොරු නේද.? එයා මාව ගොඩාක් රැවැට්ටුවා.. දුකයි.. කියා ගන්න බැරි විදියට දුකයි… එයාගේ මුලදි තිබ්බ ඒ හොද ගතිගුණ අද නෑ.. හිතා ගන්නවත් බෑ කොහොමද එයා වෙනස් වුනේ කියලා.. තරහක් නෑ. දුකක් විතරයි තියෙන්නේ.. ඒත් කවදාහරි එයා හැදෙනවනම් මට ඒ ඇති..
මට කියන්න ඕන වුනේ මෙච්චරයි..
මිනිස්සු අපිට කාලා බලන්න බෑ. හොද මූණත් අහිංසක ගතිගුණ පිටිපස්සෙත් අමනුෂ්‍යයෙක් ඉන්න පුළුවන්. මිනිස්සුන්ට වෙනස් වෙන්න වැඩි වෙලා යන්නේ නෑ. කාව වුනත් පරිස්සමින් ආශ්‍රය කරන්න. අන්තිමට දුක අවංක අපිට නේද…???
අන්තිම පාරටත් මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. සංජන මේ හිතේ ඉන්නේ ඔයා විතරයි. ඔයා මගේ නොවුනත් අනේ ඔයා හැදෙන්න. කලින් හිටිය සංජන වෙන්න. තව කෙල්ලෙක්ට මේ දුක දෙන්න එපා සංජන..
⚜ නිමි. 
ඇත්ත අපි කොච්චර අනිත් අයට හොඳ කරන්න ගියත් නරක නාමේ අපිටමයි.. මිනිසුන් විවිධාකරයි. අපි දැනගන්න ඕනා පරිස්සම් වෙන්න..
හිතන්න යමක් 
Copyright - ©️ Sanjana..